අද දින රටපුරා සියලු රෝහල් ආවරණය වන පරිදි සියලු විශේෂඥ වෛද්‍යවරු සේවයට වාර්තා කළ බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි. එහි මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය රවී දයාසේන මහතා පැවසුවේ තමන් ඇතුලු මෙරට විශේෂඥ වෛද්‍යවරු වැඩ වර්ජනයක් සිදු නොකළ බවයි.

සාමාන්‍ය දවසක සිදු කරනු ලබන රාජකාරි කටයුතු එපරිද්දෙන්ම අද දිනයේත් සිදු කළ බව සංගමය පෙන්වා දෙනවා.

කණිෂ්ඨ වෛද්‍යවරුන්ගේ සුළු අඩුවක් ඇතැම් රෝහල්වල වාර්තා වුවත් එය කළමණාකරණයට අවශ්‍ය පියවර ගත් බවයි විශේෂඥ වෛද්‍ය රවී දයාසේන මහතා ප්‍රකාශ කර සිටියේ. රෝගීන්ට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය සේවාව නොඅඩුව අද දිනයේදීද ලබා දුන් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය රවී දයාසේන මහතා පැවසුවේ.

එම්. අයි. ජේ. විජේනායක
මාධ්‍ය ලේකම්
සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here