සෞඛ්‍ය අමාත්‍යාංශය සුව සේවකයින් වෙනුවෙන් දියත් කළ පුහුණූ වැඩසටහන් හේතුවෙන් සුව කර්ය මණ්ඩලවල ලොකු වෙනසක් සිදුව තිබෙනවා.– රජයේ සෞඛ්‍ය කළමණාකරන සහකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති පවසයි.

රජයේ සෞඛ්‍ය කළමණාකරන සහකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති නාමල් ජයසිංහ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා දුරකථන ක්‍රියාකරුවන්ගේ සංගමයේ 05 වන වාර්ෂික මහා සම්මේලනය සදහා එක්වෙමිනි. මෙම උත්සවය කොළඹ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී අද (18) පෙරවරුවේ පැවැත්විනි.

මෙම උත්සවයේ දී අදහස් දැක් වූ රජයේ සෞඛ්‍ය කළමණාකරන සහකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති නාමල් ජයසිංහ මහතා – 20032004 කාලයේ අපේ වෘත්තීය සමිති සන්ධානය හරහා අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලොකු එකමුතුවක් ගොඩනැගුවා. ඒක තමයි එදා අපිට තිබුණ ලොකුම හයිය. ඒ එක්ව ගිය කාලය තුල අපි ලබපු ජයග්‍රහණ ඔබට මතක ඇති. අපි දින ගණනාවක වර්ජනය නිරත වෙලා සියලුම තනතුරුවල ඉල්ලීම් එකතු කරලා ලොකු සටනක් කළා. අවසානයේ අපි මාරාන්තික උපවාසයක් කළා. සටන් නොකර කිසිවක් ලැබෙන් නෑ කියලා අපේ මතයක් තිබෙනවා. නමුත් මෑත කාලයේ මා දැකපු දේ තමයි දොස්තර රාජිත සේනාරත්න මහතා රාජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ධූරයට ආවාට පසු ඒ තත්ත්වයේ ලොකු වෙනසක් ඇති වුණා. එතුමා වසර 15 ක් පමණ වෘත්තීය සමිති නායකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක්. එතුමාට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන පැහැදිලි අවබෝධයක් තිබෙනවා. එතුමාට වෘත්තීය සමිති හැටියට අපි අපේ කරුණු කාරණා පැහැදිලි කරද්දි පක්ෂපාටතනතුරසුදුකළු භේද බැලුවේ නැහැ. ප්‍රශ්ණය දිහා බලලා දෙන්න පුළුවන් දේ දුන්නා. දෙන්න බැරි  නම් කෙළින්ම කිව්වා.

සෞඛ්‍ය කළමණාකරන සේවය සහ අපේ සේවා සෞඛ්‍ය සේවාවේ අතුගාලා දමලා තිබුනේ. අපි අපේ අයිතින් වෙනුවෙන් සටන් කළා. සෞඛ්‍ය අමාත්‍යවරයා ආවට පස්සේ මුලින්ම කළ දෙයක් තමයි සෞඛ්‍ය කළමණාකරන සහකාර සේවය නැවත ස්ථාපිත කිරීමට අවශ්‍ය මුලික පියවර ගැනීම. අවසානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයටම වෙන් වුණ සෞඛ්‍ය කළමණාකරන සහකාර සේවාවක් ඇති කළා.  එය සෞඛ්‍ය ක්ෂේත්‍රයටම වැදගත්. එතුමා සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රය තමන්ගේ ජිවිතයේ කොටසක් කරගෙන තිබෙනවා. එතුමා අපගේ ඉල්ලිම් කෙරෙහි අවධානය යොමු කර දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වලට යොමුවීමට ඉඩ නොදී අපට සතුටින් වැඩ කරන්න පුළුවන් පරිසරයක් හදලා දීලා තිබෙනවා. අපි වෘත්තීය සමිති නායකයෝ විදිහට ඇත්තටම සතුටු වෙනවා  ඒ් පිළිබදව. අර කළින් තිබුණා වගේ එකමුතුවක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වෙනවාට අපි හරි කැමැතියි. ඉදිරිය කොහොම වෙයිද කියලා අපි බලමු.  නිකන් පීල්ලකින් වතුර ගලනවා වගේ නොවෙයි වේල්ලක් කඩාගෙන ගියාම හොදගෙනම යනවා. ඒ වගේ තමයි මහා ජන ගඟක් එකතු වෙනකොට ඒ ශක්තියට මුහුණ දෙනකොට ඉදිරියේ තිබෙන බලවේග හෙල්ලෙනවා. අපි ඒ සදහා එක්ව වැඩ කළ යුතු වෙනවා.

ඉතිහාසයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇමතිවරු රාශියක් හිටියා. නමුත් සමහර ඇමැතිවරු සමග කොච්චර අපහසුවෙන් ද කටයුතු කරන්නසිදු වුණේ. එක ඇමැතිවරයෙක් කිවුවා වෘත්තීය සමිති එකට එ‍කතු වෙලා ඉන්න එක තමයි තියෙන ලොකුම ගැටලුව කියලා. ඒ් නිසා මම අර සංගමය දෙකට කැඩුවා. අර සංගමය තුනට කැඩුවා. කියලා. අපට කිව්වා මම නුඹලා නැත්තටම නැති කරනවා කියලා. නැති කළා. නමුත් අපි එතනින් උඩට ආවා. කැඩී බිදී යාම ඉහළට පහසුයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය අපට පුහුණුවීම් දීලා අපව විධිමත් කරලා තිබෙනවා. එදාට වඩා ඒ හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලවල ලොකු වෙනසක් අපි දකිනවා. ඒ විශේෂ පුහුණු වැඩසටහන් දියත් කිරිම නිසා. අපිට සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් අවශ්‍ය සියලු සහයෝගය මේ වන විට ලැබෙනවා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයින් සහ සෞඛ්‍ය කර්ය මණ්ඩල එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here