රටවල් 4ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන රසායන, ජෛව, විකිරණ හා න්‍යෂ්ටික ආපදා තත්වයන්ට මුහුණදීම සදහා පුහුණු කෙරෙන ජාත්‍යන්තර වැඩමුළුව බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී පැවැත්වේ. ඒ සදහා ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල නියෝජිතයන් සහභාගි වීමට නියමිතයි.

මෙය රසායන, ජෛව, විකිරණ හා න්‍යෂ්ටික යන ආපදා තත්වයන්ට මුහුණදීම සදහා අත්‍යවශ්‍යයෙන් ක්‍රියාත්මක අංශයන්හි, දැනට පුහුණු කිරීම්වල නිරතවන නිලධාරීන් වෙනුවෙන් සංවිධාන වන වැඩමුළුවකි. ඒ සදහා විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය නියෝජනය කරන පුහුණු කිරීමේ නිලධාරීන්ද සහභාගි වේ. වැඩමුළුවේ දේශන සදහාද ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරන විශේෂඥ පුහුණුකරුවෝ එක්ව සිටිති. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය ස්වා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාගේ සහ කොළඹ ජාතික රෝහල මගින් මෙම ජාත්‍යන්තර වැඩමුළුව සංවිධාන කෙරේ. එහි ජාත්‍යන්තර විශේෂඥ සම්බන්ධීකාරකවරයා වශයෙන් කටයුතු කරනු ලබන්නේ මහාචාර්ය අරුණ මුණසිංහ මහතා විසිනි.

ඔක්තෝබර් 27 වැනිදා ආරම්භවූ රසායන, ජෛව, විකිරණ හා න්‍යෂ්ටික ආපදා තත්වයන්ට මුහුණදීම සදහා පුහුණු කෙරෙන ජාත්‍යන්තර වැඩමුළුව ලබන 30 වැනිදා දක්වා මෙරටදී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here